The Embassy of Sri Lanka in Abu Dhabi will reopen on Thursday, 28 May 2020 for usual Embassy services.

To provide prompt services and to reduce large gathering with in the Embassy due to Covid-19, visitors are advised to get prior appointment by sending an email to consular.slembabudhabi@mfa.gov.lk briefly explaining the requested services from the Embassy. This will allow us to provide efficient services, less inconveniences to you and ensure the safety of our community and staff.

All precursory measures to be followed as per the guidelines of UAE Health Authorities and safety operations procedures of the Embassy.

We urge your assistance and thank you for understanding.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2020 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා දින සිට මහජන කටයුතු සඳහා  නැවත විවෘත වන බව කාරුණිකව දැනුම් දෙමු.

තානාපති කාර්යාලය මගින් ඔබ වෙත කඩිනම් සේවාවක් සැපයීමට සහ තානාපති කාර්යාලය තුළ බොහෝ පිරිසක් ඒකරාශී වීම අවම කිරීම සඳහා තානාපති කාර්යාලයට පැමිණීමට පෙර ඔබ තානාපති කාර්යාලයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන සේවාව පිළිබඳ කෙටි විස්තරයක් සමගින් consular.slembabudhabi@mfa.gov.lk යන ලිපිනයට විද්‍යුත් පණිවිඩයක් යොමු කිරීම මගින් තානාපති කාර්යාලයට පැමිණීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතුය. එමගින් ඔබට අපහසුතාවකින් තොර සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමද ශ්‍රී ලාංකික ප්‍රජාවේ හා නිළධාරීන්ගේ ආරක්ෂාවද සහතික කෙරෙනු ඇත.

තවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අධිකාරිය විසින් නියම කර ඇති පූර්ව සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ  සහ තානාපති කාර්යාලයේ සෞඛ්‍යාරක්ෂක ක්‍රියා මාර්ගද නියමාකාරයෙන් පිළිපැදීම අපේක්ශා කරමු

அபுதாபியில் உள்ள இலங்கை தூதரகம் வழமையான தூதரக செயற்பாடுகளுக்காக 2020 மே 28, வியாழக்கிழமை மீண்டும் திறக்கப்பட உள்ளது.

பெரிய ஒன்று கூடல்களை குறைத்து வழமையான சேவைகளை வழங்குவதற்கும், கோவிட்-19 தொற்று பரவுவதை கட்டுப்படுத்துவதற்காகவும், உங்களுக்கு தேவைப்படும் சேவைகளை சுருக்கமாக விளக்கி தூதரகத்தின் consular.slembabudhabi@mfa.gov.lk என்ற மின்னஞ்சல் முகவரிக்கு ஒரு மின்னஞ்சல் அனுப்புவதன் மூலம் குறிப்பிட்ட நேரத்தினை பெற்றுக்கொள்ள முடியும். இந்நடைமுறை திறமையான சேவைகளை வழங்கவும், உங்களுக்கு நேரிடும் அசௌகரியங்களை குறைப்பதற்கும், அமீரகம் வாழ் இலங்கை மக்கள் மற்றும் அலுவலக ஊழியர்களின் பாதுகாப்பை உறுதிப்படுத்துவதற்கும் உதவும்.

ஐக்கிய அமீரக அரசின் சுகாதார வழிகாட்டுதல்கள், மற்றும் தூதரகத்தின் பாதுகாப்பு நடைமுறைகளை பின்பற்றும் படி உங்களை தாழ்மையாக கேட்டுக்கொள்வதுடன் உங்களது ஒத்துழைப்பிற்க்கு நன்றியை தெரிவித்துக்கொள்கின்றோம்.